‘කොරෝනා’ රෝගී සැකකරුවෙකු සමඟ විදුලි සෝපානයක සිරවීමට සිදු වුවහොත් ඔබ කුමක් කරණු ඇතිද?
Corona: Fear is a Virus!

මේ කොරෝනා වෛරසයේ මුල් කාර්තුවයි.චීන යුවතියක සමඟ සෝපානයක සිරවී සිටින අසල්වැසියන්, වෛරසයට වඩා වේගයෙන් බිය, සැකය සහ වර්ගවාදය පැතිරීමට සමත් වේ. | Corona Movie. 2020 | රචනය ,අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය මොස්තාෆා කෙෂ්වාරී
‘කොරෝනා’(Corona: Fear is a Virus!) සිනමා කෘතිය, කැනේඩියානු ජාතික සිනමා අධ්යක්ෂවරයකු වන මොස්තාෆා කෙෂ්වාරී (Mostafa Keshvari) ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මේ සිනමා කෘතිය රූප ගත කරලා තියෙන්නේ අඛණ්ඩ රූප රචනය භාවිතා කරලා (One-shot film / Single take). ඒ කියන්නේ විනාඩි 63ක් දිග මේ චිත්‍රපටය විදුලි සෝපානයක් තුළ එක දිගට, නොකඩවා ඒ විනාඩි 63 ම තනි කැමරාවකින් රූගත කළා කියලා තමයි චිත්‍රපට කණ්ඩායම කියන්නේ. බිය සහ සැකයේ සැබෑ ස්වරූපය, රූපයට හසු කරගැනීම උදෙසා එම ප්‍රයෝගය භාවිත කළ බව ඔවුන්ගේ අදහසයි.
බහුසංස්කෘතික සම්බවයක් සහිත පරිසරයක හැදී වැඩෙන කෙෂ්වාරී ආසියානු සම්බවයක් සහිත ජනයාට යුරෝපා සහ ඇමරිකානු පරිසරය තුළ මුහුණ දිමට සිදුවන තත්වයන් පිළිබද මනා සංවේදීත්වයක් සහිත පුද්ගලයෙක් බව ඔහුගේ සම්මුඛ සාකච්ඡා තුළින් පෙනී යනවා. ඉතින් කොරෝනා සමයේ මුල, ජනවාරියේ එක් දවසක, විදුලි සෝපානයක ගමන් කරමින් සිටියදී මේ කතා වස්තුවට අදාළ මූලික සංකල්පය තම කල්පනාවට ආ බව කෙෂ්වාරී සඳහන් කරයි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව බලන්න.
This is not just the most globally relevant and topical film but a social study on how we as a society behave under extreme circumstances. The elevator is our society and we all are sharing this ride together.
විශේෂයෙන් මෙහි විදුලි සෝපානය සංකේතවත් කරන්නේ අපේ සමාජයයි. ඒ තුළ සිටින විවිධ ජාතීන්ට පැහැයන්ට අයත් මිනිසුන් එකිනෙකා කෙරෙහි ක්‍රියා කරන්නේ කෙසේද? තමාට වඩා වෙනස් පැහැයක, ජාතියක, ආගමක, හෝ රටක මිනිසුන්ට බිය ඇයි? ඔවුන් සැක කරන්නේ කුමන හේතුවකටද? (Xenophobia). එමෙන්ම දැන්, විදුලි සෝපානය නැවතී තිබේ. ඉතින්, අප සියලු දෙනා එක්ව විදුලි සෝපානය පණ ගන්වාගෙන මේ ගමන යා යුතු යි.

The Movie is not here to question the origin of the virus but the origin of the racism and Xenophobia
ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු බලයේ සිටින පිරිස් මේ මොහොතේදීත් චීනයට ඇගිල්ල දිගු කරමින් සිටී. එක් අවස්ථාවක ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ ජනාධිපතිවරයා, තම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි චීන පැහැ මාධ්‍යවේදීනියට ප්‍රශ්න නැගීමට හෝ ඉඩක් ඉඩ ලබා නොදේ. එවන් මොහොතක කෙෂ්වාරී වැනි සිනමාකරුවන් නොබියව අප හමුවට මෙම ප්රශ්නය රැගෙන එයි.
මෙම ච්ත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය තුළ ඇසුණ එක දෙබස් කණ්ඩයක් මගේ සිතේ රැව් පිළි රැව් දුන්නා. එනම්,
“දැනටමත් අප පරීක්ෂාවට ලක් වී හමාරය!”
ඔව්, සොබාදහම මුළු ලොවම එකවර පරීක්ෂා කරමින් සිටී. ඒ තුළ ඔබත් මමත්, අප එකිනෙකා කෙරෙහි ක්‍රියා කරන්නේ කෙසේද? ඒ අනුව අපගේ අනාගතය තීරණය වෙනු ඇත.
දැනටමත් සියලු වැඩ කටයුතු අවසන් කර ඇති මේ සිනමාකෘතිය අන්ත්ර්ජාල ක්‍රම වේද ඔස්සේ ඉතා ඉක්මනින් අපට දැක ගත හැකි බව කෙෂ්වාරී සඳහන් කරයි. මේ පිළිබද වැඩි විස්තර www.coronamovie.com වෙබ් අඩවියට පිවිස දැන ගන්න පුළුවන්.
අවසානයට, දුෂ්කර සමයක කලාකරුවාගේ භූමිකාව කෙසේද යන්න, කෙෂ්වාරී අපට නිදර්ශන සහිතව පෙන්වා ඇත. මට ඔහු ගැන ගෞරවය මුසු බැඳීමක් ඇත. කෙෂ්වාරී ඔබට ජය!


- අපේ සිහින ගොවිපළ – 2018 - November 25, 2020
- මියසාකිගේ සිහින දේශය (Hayao Miyazaki /Studio Ghibli Movies / Part II) - June 8, 2020
- ‘කොරෝනා’ චිත්‍රපටය එළි දැකීමට සූදානම්!Corona : Fear is a Virus - May 25, 2020