ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ සමය ගෙවා දමමින් සිටිති. ඉතා සෙමින් ගලා බසින දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාල සමය එක් වරම තියුණු හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පිවිසෙන්නේ එක්තරා දිනයක, උදෑසන ආහාරය සඳහා මේසය වෙත වාඩි වන ඇනා, ක්ෂණිකවම හා නිහඬවම, ආඝාත තත්වයකට මුහුණ දීම සමගිනි. කිසිදු වදනක් නොදොඩා, කිසිදු හැඟීමකින් තොරව, එක් එල්ලයක් දෙස බලා සිටින සිය බිරිඳ ඇනා දකින ජෝර්ජස් ඇය රෝහලකට කැඳවාගෙන යාමට සූදානම් වුවත් මොහොතකින් ඇය පියවි ලොවට පිවිසේ. එහෙත් ඇගේ ශරීරය තව දුරටත් මොළය මගින් නිකුත් කරන විධානයන් නිසි ලෙස ක්‍රියාවට නොනංවන බව දෙදෙනාම වටහා ගනිති.

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour – ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි. ලොව විශිෂ්ඨතම සිනමාකරුවන්ගේ ප්රමුඛ කෘති ලෙස ගැනෙන ජපාන සිනමාකරු යසුජිරෝ ඕසුගේ Tokyo Story සහ ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන්ගේ Wild Strawberries යන නිමැවුම්වලින් අනතුරුව වයස්ගත වීම සහ මරණය සිනමා රූපය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ විශිෂ්ඨ සිනමා වියමනක් ලෙස ‘අමොර්‘ විසල් අවධානයක් හිමිකරගෙන ඇත. සෙසු සිනමා කෘති සේම හෝ ඊටත් වඩා ‘අමොර්‘හි වියපත් වීම හා මරණය හා බැඳී ආ අනෙක් ප්රමුඛ මානව දහම වූයේ ආදරයයි.
අසනීපය හේතුවෙන් ඇනා රෝහල්ගත කෙරුණු පසු යළි සුවය ලබා ඇය නිවසට එන්නේ රෝද පුටුවකිනි. රෝහල හමුවේ තමන් ලැබූ ඛේදනීය හැඟීම් මඟහරිනු වස් ඇය ජෝරජස්ගෙන් ඉල්ලන්නේ එක් කුඩා නමුත් අපහසු ඉල්ලීමකි. ඒ තමන් යළි කිසි විටෙක රෝහල වෙත ගෙන නොයන ලෙස ය. දියණිය ඊවාගේ මැදිහත්වීම් ද මග හරිමින්, ඇය විමසන සියල්ලන්ගෙන් ඇගේ රෝගී තත්වයේ සත්‍යය වසන් කර තබමින් ජෝරජස් ඇනාගේ ඉල්ලීම ඉටු කර දෙමින් ඇය රැක බලා ගනියි. දිනෙන් දින, සෙමින් වියැකී යන සිය ආදරණීය බිරිඳගේ ජීවිතාපේක්ෂාවන් හමුවේ මහළු ජෝරජස් සංකීර්ණතා රැසකට මුහුණ දෙයි. නිසි ලෙස නොලබන නින්දේ සිට අපිළිවෙල වූ ජීවිතය ඔහු හා සමව බෙදාගන්නට ඇනා ඔහු හා නිරෝගීව පසෙකින් නොසිටීමම ජෝරජස් වෙත ද උදා කරන්නේ පීඩිත කාල සමයකි. එසේ වුවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින්, සිය ආදරණීය ඇනා මනසින් හෝ ශක්තිමත් කරන්නට ඔහු යත්න දරයි.

- ‘රෝස කැකුළ‘ – Citizen Kane | 1941 - November 19, 2020
- බයිසිකලය | The Bicycle Thieves – 1948 - October 29, 2020
- පුංචි පාදඩයා | City Lights (1931) - October 12, 2020