Posted on

කලාව යනු මිනිසා මැදිහත් වී, මිනිසාගේ පරිකල්පනය තුලින් යම් නිර්මාණයක් සිදු කිරීම ලෙස සරලව දක්වන්න පුළුවන්.එසේ නිර්මාණය කරන්නා වූ දෑ කලාකෘතින්. කලාව තුල විවිධාකාර ශානරයන් (Genres) පවතින අතර, විරෝධාකල්ප කලාව තුල ඇති එක් ශානරයක් වන Street Art සම්බන්ධව යම් ආකාරයේ වෙනස් ආරක විවරණයක් Exit Through the Gift Shop වාර්තා චිත්‍රපටය ඔස්සේ පෙන්වයි. මට නම් මුලින්ම හිතුනේ මේක Banksy පිලිබදව කතාවක් කියලා. ආ..ඔව්නේ, සමහරුන්ට Banksy කියන්නේ කවුද කියලා ගැටලුවක් ඇති..හැබැයි ඔහු ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මෑතකදී ලංකාවේ ඇති වුණු Street Art රැල්ලත් එක්ක ඔහු ගැන අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනේ. කොහොම වුනත් මේ ලියමන තුල මම ඔහු පිලිබදව වැඩි දුර සඳහනක් කරනවා.   

Banksy විසින් අධ්‍යක්ෂණය කල මෙම වාර්තා චිත්‍රපටය 2010 වර්ෂයේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන උළෙලේදී නිර්දේශ වන අතර තවත් සම්මාන උලෙළවල් කිහිපයකම නිර්දේශයන් හා ජයග්‍රහනයන්ට හිමිකම් කියමින් IMDb 8/10 අගයක් ද ලබා ගෙන තියෙනවා. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය ‘Mr.Brainwash‘ ගේ උප්පත්තියේ කතාව කිව්වොත් නිවැරදියි. හැබැයි චිත්‍රපටයේ පදනම Street Art නේ. ඒ නිසා ඉතිං මමත් මේ ලියමනට පදනම Street Art තුලින්ම එකතු කරනවා.



STREET ART සහ BANKSY


විරෝධාකල්ප කලාවක් ලෙස සැලකෙන Street Art, විවිධ ස්වරූප තියෙන, පුළුල් ක්ෂේත්‍රයක දිවෙන අතර එහි ශානරයන් ලෙස graffiti, sculpture, spray paint, murals, sticker street art, 3D wall, poster art ආදිය දැක්විය හැකියි. ඇත්තෙන්ම කලා කෘතියකින් එක්තරා විදිහකට සිදු කරන්නේ පවතින සමාජය නිරූපණය කිරීමක්. එසේත් නැත්නම් පවතින ක්‍රමවේදය විවේචනය කරමින්ද එය සිදු කල හැකියි. එසේ, පවතින ක්‍රමවේදයේ ගැටලුකාරී තත්ත්වයන් උලුප්පමින්, අඩුපාඩු විවේචනය කරමින්, විරෝධාකල්ප දෘශ්ටියකින්, සමාජය සමඟ සිය අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රමයක් ලෙසින් මෙම street art ආරම්භ වුණා. පොදු මහජන අවකාශය තුල සිය මතවාදයන් තුලට ප්‍රබල ප්‍රකාශනයන් ඇතුලත් කරමින් මෙවැනි නිර්මාණයන් ඇරඹියේ යුරෝපය, අමරිකාව ආදි රටවල් තුලිනි. මේවා චිත්‍ර අඳින්න දන්න නිසා හෝ චිත්‍ර අඳින්න අවශ්‍ය නිසා අඳින ලද ඒවා නොව, පවතින යථාර්ථය ගැඹුරින් විවරණය කිරීම සදහා ප්‍රවේශයක් ලබා ගැනීම අරමුණයි. මෙහි පදනම වන්නේ බහු සංස්කෘතිකවාදය සහ අධියථාර්ථවාදයයි. දේශපාලන සංස්කෘතික ආර්ථික ක්‍රමවේදය ඇතුලේ ප්‍රසිද්ධියේ ඊට විරුද්ධව හඬක් නැගීමට නොහැකි පිරිස Street Art සිය වේදිකාව කර ගනිමින් නිහඬ හඬ අවධි කලා.


Graffiti in New York City, 1986.https://www.britannica.com/art/graffiti-art

මෙම ජනප්‍රියවාදී සංස්කෘතියේ අග්‍ර ඵලය වන්නේ Banksy ය. මොහු 1990 දශකයේ සිට මහජන අවකාශය ඵලදායී ලෙසම යොදා ගනිමින්, එය ජනප්‍රිය සංස්කෘතියක් ලෙසට ඔසවා තැබීමේ ගෞරවය ඔහුට අත්‍යන්තයෙන්ම හිමියි.ඇත්තෙන්ම ඔහු Banksy ලෙස හැඳින්වුවත් නිර්නාමිකයි කොව්වොත් නිවැරදියි. හැමෝම ජනප්‍රිය වෙන්න  ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන මේ අවදියේ සිය අනන්‍යතාවය වසන් කරගනිමින් නිර්ණාමිකව පෙනී සිටීමත් නියම අදහසක් කියලයි මට නම් හිතෙන්නේ.හරියට Negative marketing concept එක වගේ.කොහොම වුනත් බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදියෙක් වන Simon Hattensone නම් කියන්නේ graffiti නීති විරෝධී බැවින් Banksy හට නිර්ණාමිකභාවය අවශ්‍යව ඇති බවයි.

  •  පරිභෝජනවාදාය
  •  යුද්ධය හා සාමය පිළිබඳ ගැටුම
  •  සම්පත් බෙදීයාමේ විශමතාවය

ආදී සමාජ ප්‍රපංචයන්, මතුපිටින් පෙන්වීම පසෙකලා ඒ තුල ඇති ගැඹුර ඔහු සිය නිර්මාණයන් තුලින් මනාව ඉස්මතු කලා.

  • One Nation Under CCTV(2008)
  • Balloon Girl (2002)
  • Spy Booth (2014)
  • Salve Labour(2012)
  • Sweep it Under the Carpet( 2006)
  • Childern Soldier( 2011)

වැනි ඔහුගේ නිර්මාණයන් අධ්‍යයනය තුලින් street art සම්බන්ධව ඔහුගේ කලා භාවිතය කෙසේ දැයි මැනවින් අවබෝධ කර ගැනීමට හැකිවේ.



Exit Through the Gift Shop


ඔබට මතක නම්, මං මුලිනුත් ඔබට කිව්වනේ….මේක Street Art තුල Mr.Brainwash ගේ උප්පත්ති කතාවයි කියලා. දැන් කියන්න යන්නෙ මේ චිත්‍රපටය ගැන.

ලොස් ඇන්ජලීස්හි ප්‍රංශ සංක්‍රමණිකයෙකු ලෙස ජීවත් වෙමින් එදිනෙදා ඇසට හසුවන සියලු දේ සිය කැමරාවෙන් වීඩියෝ ගත කිරීම විනෝදාංශය කරගත්, ප්‍රංශ සාප්පු හිමියෙකු වන Thierry Guetta (පසුකාලීනව Mr.Brainwash ලෙසින් හදුන්වයි), Street Art තුලට ප්‍රවේශ වීම හා ඔහුගේ ගමන් මඟෙහි විවිධ පැතිකඩයන් මෙහිදී Banksy විසින් සිය වාර්තා චිත්‍රපටයට තේමාව කර ගන්නවා. Guetta මුලිකාලිනව Street Art ශිල්පියෙක් නෙවෙයි. සිය අතැති කැමරාව සමග නිරන්තරයෙන් වට-පිටාව රූපගත කිරීමේ උන්මාදයකින් පෙලුණු කෙනෙක්.ඒ උන්මාදය කෙතෙක්ද කියනවානම් රාත්‍රී කාලයේ අඳිනු ලබන Street Art සිතුවම් වීඩියෝ ගත කරමින්,ඒවා අඳිනු ලබන ශිල්පීන් සමඟින් සම්බන්ධ වෙමින් ජීවිත අවධානමක්ද රැගෙන රාත්‍රිය පුරා සැරිසැරීම පුරුද්දක් කර ගන්නවා.

Guetta: I liked the danger. It made me feel good!

දැඩි අවධානමක් ද රැගෙන Poster Boy, Ron English, Dotmaster ආදී ශිල්පීන්ගේ නිර්මාණයන් සහ ඔවුනගේ භාවිතාවන් Guetta විසින් රූපගත කලේ,එම රූපරාමු එකතු කරමින් චිත්‍රපටයක් සැදීමට කිසිදු අවශ්‍යතාවයකින් නොවන බවත්, රූ ගත කල දර්ශන නැවත නැවත පිරික්සා නොකරන බවත් ඔහු පැවසුවත් ඇත්තෙන්ම අවසානයේ “Life Remote Control ” නමින් Guetta වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ අන් කව්රුන් නිසා නොව Banksy ගේ පෙළඹවීම නිසා.

දිනක් එකවරම නොසිතූවිරූ ලෙස Guetta ට Banksy ව හමුවීමට අවස්ථාව හිමි වෙනවා. ඔහු Banksy ගේ විශ්වාසය ක්‍රමයෙන් දිනා ගනිමින් Banksy ගේ නිර්මාණ කාර්‍යයන් හඹා යමින් රූගත කිරීම්ද සිදු කරයි. ඊට පස්සේ තමයි turning point එක සිද්ද වෙන්නේ. Guetta, street art හි රසය ගිල ගැලීමෙන් මත් වීමත් සමඟින් මේ කතාව වෙනස් මඟකට හැරෙනවා.ඒ අනුව ඔහු තමාව Mr.Brainwash යන නමින් හදුන්වාදෙමින් street art තුලට ඔහු ඇතුලු වෙනවා, නිර්මාණයන් සිදු කරනවා.



කැමරාකරණය සහ එහි රූප රාමු


Guetta විසින් මුල් කාලයේ සිට රූගත කල දර්ශනයන් මෙම චිත්‍රපටයෙහි අඩංගු වන අතර බොහෝ විට ඒවා හස්තගතව(Handheld) රූගත කර ඇත. එමෙන්ම ඒවා Slapdash (නොසැලකිලිමත් ලෙස රූපගත කර ඇති ) වන්නේ Guetta ආධුනික කැමරා ශිල්පියෙක් වූ නිසයි. නමුත් විටෙක එම දර්ශනයන් තුලින් රාත්‍රී කාලය තුල street arts ඇදීමේ ඇති භයානකම ඉස්මතු වුණා.


පැන නැඟි විචාරයන් සහ දැනෙන අදහස්


හරියට බැලුවොත් මෙය සමකාලින street art කලාව විවේචනයට බඳුන් කරන අතර මෙහි ඇතුලත් තේමාව සම්බන්ධව ද සමාජයේ විවිධ විවේචන, විවාද ගොඩ නැගුණි. ඒ අතර බරපතලම විවාදය මෙහිදී සදහන් කිරීමට කැමැත්තෙමි. චිත්රපටය නිකුත් වූ දා සිට මේ තුල ඇත්තේ අව්යාජ එළඹුමක්ද නැතිනම් උපහාසත්මක එළඹුමක්ද (Mockumentary;වැඩිදුරටත් පසුසටහන පිරික්සන්න) යන්න ලෙසින් පුළුල් විවාදයක් නිර්මාණය විය.
නමුත් Guetta ගේ අදහස තරමක් වෙනස්. Banksy තමාව චිත්ර ශිල්පියෙක් බවට පත් කල බවත්, අවසානයේ Banksy ගේ විශාලතම කලා කෘතිය බවට හෙතෙම පත් වූ බවත් ඔහුගේ අදහසයි.
එමෙන්ම Guetta සිය නිර්මාණ දැඩි ලෙස Banksy ව අනුකරණය කරමින් කරන බව විචාරකයන් පැවසුවත් මෙම චිත්රපටය අවසානයේ දී Guetta ගේ ප්රකාශය වඩාත් තීරණාත්මක වනවා.

Guetta: Some people might think that I’m a rabbit.Because I’m running around and they think that I’m not organized. But I said, wait till the end of life and you’ll see if I’m a rabbit or a turtle.



ඒත් එක්කම චිත්රපටය අවසන් වන්නේ ගරා වැටෙන්න ඔන්න මෙන්න ඇති බිත්තියක Guetta මොහොතකට කලින් ඇඳ අවසන් කල චිත්රය සමගින් එම බිත්තිය ඩෝසර් කිරීමේ දර්ශනයත් සමඟයි.

මට නම් හිතෙන්නේ Banksyගේ මෙවර උපහාසය කවරදාකටත් වඩා තියුණු බවයි. මෙම චිත්රපටය අභ්යන්තරයෙන් ප්රකෝපකාරී කැඩපතක් ඇති බවත් අමතක කල යුතු නැහැ. Exit through the gift shop(තෑගි සාප්පුව හරහා පිටවීම) මගින් වාණිජ වීදි චිත්ර කලාව කෙතරම් හිස් වී පහසු වී ඇත්ද යන්න මනාව පසක් කරවයි. මෙහි සිනමාත්මක වටිනාකමට වඩා සමාජමය වශයෙන් වටිනාකමක් ඇති බවද සදහන් කිරීමට කැමැත්තෙමි.


පසු සටහන 

Mockumentary
“A facetious or satirical work presented in the style or a documentary”  Webster’s Dictionary
Webster ට අනුව සරදමක් ලෙස හෝ උපහාසත්මක අන්දමින් තොරුතුරු ඉදිරිපත් කරමින් නිර්මාණය කරනු ලබන වාර්තා චිත්‍රපට මොකියුමන්ට්‍රි ලෙස හැදින්විය හැකියි.


1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
Nishi Kanchana

Reply | ඔබේ අදහස්