ආදරයට අලුත් වදනක් | Amour (2012)

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour – ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි.

“මගේ ජීවිතය මට දෙන්න!“ – Meghe Dhaka Tara (1960)

1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (Meghe Dhaka Tara  / The Cloud Clapper Star – වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි.

‘හුස්ම’ – Shwaas (2004)

මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු…

ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘! – Forrest Gump (1994)

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල! 1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් (Robert…

එකෙකුවත් අඩු නැතිව! – Not One Less (1999)

චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට…

සිනමාව ජීවන පැවැත්මක් ලෙස. (Movie reviews – Sinhala)

1980 දශකයේ එක්තරා දිනයක, රෝමයේ දිවි ගෙවන ඉතාලි සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සැල්වටෝට සිසිලියේ දුර බැහැර වන සිය ගම් පියසේ විසූ ඇල්ෆ්‍රඩෝ නමැති මහළු මිනිසා මියගිය…