හාවෙක්ද, නැත්නම් කැස්බෑවෙක්ද ?| Exit Through the Gift Shop: A Banksy Film (2010)

Banksy විසින් අධ්‍යක්ෂණය කල මෙම වාර්තා චිත්‍රපටය 2010 වර්ෂයේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන උළෙලේදී නිර්දේශ වන අතර තවත් සම්මාන උලෙළවල් කිහිපයකම නිර්දේශයන් හා ජයග්‍රහනයන්ට හිමිකම් කියමින් IMDb 8/10 අගයක් ද ලබා ගෙන තියෙනවා. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය ‘Mr.Brainwash’ ගේ උප්පත්තියේ කතාව කිව්වොත් නිවැරදියි. හැබැයි චිත්‍රපටයේ පදනම Street Art නේ. ඒ නිසා ඉතිං මමත් මේ ලියමනට පදනම Street Art තුලින්ම එකතු කරනවා.